||- Technology is a word that describes something that does not work yet -||

computer Format කරත් අපට අවශ්‍ය දේවල් ආරක්ෂිතව තියාගමු.




Computer format  කලවිට එහෙම නැත්නම් යම් දෝෂයක් නිසා පරිඝණකයට හානියක් සිදු උනොත් අපිට වැදගත් Files/Photos වගෙ දේවල් නැති වෙන්න පුලුවන්.ඒ හින්දා අවශ්‍ය දේවල් තමන්ගෙ G mail account එකේම Upload කරලා තියාගන්න.කොච්චර File upload කරන ක්‍රම තිබුනත් Google තරම් විශ්වාස කරන්න පුලුවන් කමක් නෑ වෙනත් වෙබ් අඩවි.පහලින් බලන්න අපි වෙනුවෙන් නොමිලේම 26 GB  data ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා.
Google Drive එක pc එකට install කරගත් විට pc එකේ තියෙන Folder යක් විදියටම ඕනෙම දෙයක් copy paste කරන්න පුලුවන්.මේ Google Drive folder එකේ 15 GB ඉඩ ප්‍රමාණයක් තියෙනවා.මෙහෙම කරන එක ලේසි අපට.නැත්නම් Gmail එකට log in වෙලාම upload කරන්න ඕනෙ.smart phones/Tab වලටත් මේ දේ කරගන්න පුලුවන්. කොම්පියුටරයට ඉන්ස්ටෝල් කරගන්නෙ නැතුවත් මේ ගූගල් ඩ්‍රයිව් එක අපට භාවිතා කරන්න පුලුවන්.කරන්නෙ මෙහෙමයි.

පලමුවෙන්ම කරන්න තියන්නෙ තමන්ගෙ G මේල් ගිණුමට ලොග් වෙන එක.ඊට පස්සෙ පහල පියවර විදියට කරන්න.
2 ක්ලික් කල විට මැසෙජ් එකක් මගින් අහනවා ගූගල් ඩ්‍රයිව් එක කොම්පියුටරයට ඉන්ස්ටෝල් කරන්න ද කියලා.අවශ්‍ය නැත්නම් කැන්සල් කරන්න.පසුව උනත් ඒක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.දැන පහල විදියට කරන්න
no 3 මහින් පෙන්නලා තියෙන තැන ක්ලික් කරලා File හෝ ෆෝල්ඩර් computer එකෙන් අප්ලෝඩ් කරගන්න.4 මගින් පෙන්නලා තියෙන තැන ක්ලික් කරලා ගූගල් ඩ්‍රයිව් එක ඉන්ස්ටෝල කරගන්න පුලුවන්.මේ ක්‍රමේ පාවිච්ච් කරලා ෆෝන් එකේ ටැබ් එකේ කොම්පියුටරයෙ තියෙන සේරම දේවල් කිසිම අපහසුතාවෙකින් තොරව කොහෙ ගියත් නැවත ගන්න පුලුවන්.ආරක්ෂාව ගොඩක්ම හොදයි.මේ අප්ලෝඩ් කරපු දේවල් නැවත ලබා ගැනීමට අවශ්‍ය විට පලමු පින්තූරෙ විදියට Drive Click කරන්න.එවිට ලැබෙන මෙනුවේ download ක්ලික් කරන්න.පහතින් තියෙනවා නොදන්න අය බලන්න.මෙහෙම තමයි මේකෙන් වැඩක් ගන්නෙ.නොතේරෙන යමක් තියෙනවනම් comment කරන්න

මේ පෝස්ට් එක ඔයාලට වැදගත් නම් පහතින් ඒ ගැන ලියලම යන්න.මතක ඇතුව ශෙයා කරලා ලයික් එකක් දාන්න.




computer Format කරත් අපට අවශ්‍ය දේවල් ආරක්ෂිතව තියාගමු. computer Format කරත් අපට අවශ්‍ය දේවල් ආරක්ෂිතව තියාගමු. Reviewed by Rangana on 7:28 AM Rating: 5

2 comments:

welcome

Google Share button. Powered by Blogger.