||- Technology is a word that describes something that does not work yet -||

Teamviewer මගින් වෙනත් පරිඝණකයක සිදුවන දේවල් තමන්ගේ පරිඝණක තිරයෙන් බලාසිටිය හැක


තව කෙනෙක්ට නොදන්නා දෙයක් කියලා දෙන්න දුර ඉන්න යාලුවන් එක්ක එකට Movies/Videos බලන්න මේක පාවිච්චි කරන්න පුලුවන්.ගොඩක් වටින software එකක්.මේක ඔයාලා දාගන්න.

Teamviewer software එක release උනේ 2009 වර්ෂයේ වන අතර මෙමගින් වෙනත් පරිඝණකයක තිරය තමාගෙ පරිඝණක තිරය මතට ගෙන එය හැසිරවිය හැක.අවශ්‍ය ඕනෑම දෙයක් එම පරිඝණකයෙන් ගත හැක.කරන්නෙ මෙහෙමයි.Computer දෙකටම මේ software එක install කරල open කරාම ඔයාට password එකක් සහ ID එකක් ලැබෙනව.ඉහලින් තියන්නෙ ඒ වගේ screenshot එකක්.පහතින් තියෙන කැමති ලින්ක් එකකින් TeamViewer software එක download කරගන්න.

කොහොමද? මේකෙන් තව කෙනෙක් එක්ක connect වෙන්නෙ..කොහොමදා මේක හසුරුවන්නෙ.?

හරිම ලේසි.ඔයා සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරාම උඩ තියෙනවා වගෙ බොක්ස් එකක් එනවා.එතන Partner ID කියල එකක් උඩ පෙනව ඇති.එතනට අනෙක් කෙනාගෙ ID එක අහගන ID එක type කරල connect to partner ක්ලික් කරන්න.එතකොට password එකක් අහනවා.එතනට අනෙක් කෙනාගෙ password එක අහගෙන ඒක type කරන්න.Partner ID එකට යටින් file transfer එක ක්ලික් කරල connect to partner දුන්නොත් තමයි අනෙක් කෙනාගෙ pc එකෙන් ඕනෙ files,videos ඔයාගෙ pc එකට ගන්න පුලුවන් වෙන්නෙ.මේ දේ කරන්න නොතේරෙන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.අපි උදව් කරන්නෙමු..
යට යූ ටියුබ් වීඩියෝ එක බලලත් ඉගෙන ගන්න පුලුවන්

එහෙනම් තවත් post  එකකින් හමුවෙමු.
Teamviewer මගින් වෙනත් පරිඝණකයක සිදුවන දේවල් තමන්ගේ පරිඝණක තිරයෙන් බලාසිටිය හැක Teamviewer මගින් වෙනත් පරිඝණකයක සිදුවන දේවල් තමන්ගේ පරිඝණක තිරයෙන් බලාසිටිය හැක Reviewed by Rangana on 3:19 PM Rating: 5

No comments:

welcome

Google Share button. Powered by Blogger.