||- Technology is a word that describes something that does not work yet -||

phone as a microphone



ඔන්න ඔයාල දකින්න ඇතිනේ අද මාතෘකාව නේද?WO MIC එක ගැන තමයි අද කතා කරන්නේ.WiFi / USB/ Bluetooth යන ක්‍රම 3 ටම මේක Connect කරන්න පුලුවන්.පහල ලින්ක් එකෙන් ගිහින් PC එකට WO mic software එක install කරගන්න.

                                         Wo mic download

Windows අය client setup program-me එක install කරලා WO mic devise driver එකත් install කරගන්න ඕනෙ.

ඊට පස්සේ play store ගිහින් Wo mic software එක ෆෝන් එකට install කරගන්න.MB ගොඩක් යන්නේ නෑ.2 Mb  වගේ ඇති.මේක කරන විදිය කියන්න කලින් ප්‍රයෝජන ටිකක් කියලා ඉන්නම්.
ඔයාගේ Headphone එකේ මයික් එකක් නැත්නම් ෆෝන් එක මයික් එකක් විදියට පාවිච්චි කරලා 
1-Video රෙකෝඩ් වැඩ කරගන්න
2-වයිබර් ස්කයිප් කෝල් ගන්න 
3-ඔන්ලයින් ගේම්ස් එහෙම ගහද්දී වලින් යහලුවන් එක්ක කතා කරන්න

4-ඒ වගේම මේක Connect කරලා තියන්නේ පැයක් වගේ නම්  2 Mb වගේ යන නිසා, ඔයාගේ PC එක ලගට රේඩියෝ එක ටීවී එක දුර නම් ෆෝන් එක එතන ගිහින් තියලා පාඩුවේ PC එකෙන් ඒ Radio/TV programme අහන්න පුලුවන්.යන්නේ ඉතාම අඩු ඩේටා ප්‍රමාණයක් නිසා.

5-තව හොර වැඩත් පුලුවන්.මේක නම් කරන්න එපා හරි නෑනේ.කාගේ හරි කතාබහක් එහෙම ශේප් එකේ අහගෙන ඉන්න පුලුවන්.ෆෝන් එක Connect කරලා ඒ ලගපාතක හන්ගලා එන්න විතරයි තියන්නේ.

ඔයාල යම් දෙයක් ඉගෙන ගත්තා නම් අපට කරන උදව්වක් විදියට කැමති අය දෙපැත්තේ දාලා තියෙන ඇඩ් ක්ලික් කරලා බලලා යන්න කියලා මතක් කර සිටිනවා. 


WO MIC එක සකස් කිරීම
ෆෝන් එකේ වො මයික් එක ඕපන් කරලා Settings යන්න.Transport click කරලා ඔයා PC එකත් එක්ක කනෙක්ට් කරන විදිය select කරන්න.ඊට පස්සේ එකක් බැක් වෙලා Audio source වලට යන්න.එතනින් අවශ්‍ය එක select කරන්න(Ex:Mic,voice call).දැන් Settings වලින් ඉවත් වෙලා start ඔබන්න.දැන් PC එකේ වො මයික් එක ඕපන් කරලා Option ගිහින් Auto reconnect එකට හරි ලකුණක් දාන්න.එතකොට කරදරයක් නැහැ.
ඔයා Transport ගිහින් තේරුවේ USB නම් ෆෝන් එක ඩේටාකේබල් එකෙන් PC එකට සම්බන්ධ කරන්න.ලැප් එකක් තියෙන නෝර්මල් ඩොන්ගල් එකෙන් නෙට් යන කෙනෙක් වයිෆයි තේරුවා නම් WiFi Hot spot එකක් හදාගන්න වෙනවා.හරිම ලේසි Huawei New mobile partner software(2015 version) එක use කරන අයටනම් WiFi Hotspot එකක් හදාගන්න එක.ඒක Mobile partner software එකේම තියෙන නිසා.
WiFi හරහා සම්බන්ද කරද්දී Connect වෙන්නේ නැතිනම් ෆෝන් එකේ වො මයික් start කරාම පෙන්වන IP Address එක PC එකේ වො මයික් ඕපන් කරලා Connect ගියාම තියෙන WiFi වලට දාන්න.කරද්දී ඔයාලට තේරෙයි.මේ කියන තරම් දෙයක් නැහැ.පොඩි වැඩයි ඉස්සෙල්ලාම කරන්න තියන්නේ ඊට පස්සේ Auto connect වෙනවා.Audio source යටතේ ඔයා එක එක select කරලා අවශ්‍ය ආකාරය හදාගන්න.

Enjoy!!!!





phone as a microphone phone as a microphone Reviewed by Kama on 10:26 AM Rating: 5

2 comments:

welcome

Google Share button. Powered by Blogger.